කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමකින් නිවාස වාහන ගිනිබත් වෙයි



 
 
 
හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කල්පිටිය ආලංකුඩා ප්‍රදේශයේ කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබු ගැටුමකින් අද (1) සවස එක් අයකු බරපතල කැපුම් තුවාල ලබා නිවාස වෙළඳසැල් හා වාහන රැසක් ගිනි තබා විනාශ කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි. 

මාස කීපයක පටන් පැවති ආරවුලක් හේතුවෙන් අද (1) සවස කඩා වැදී 50 ක පමණ කණ්ඩායමක් එකම පවුලක සොහොයුරන්ට අයත් ආපන ශාලාවක්, යතුරුපැදි හතරක් ගිනි තබා විනාශ කර තිබේ.

මෙයට අමතරම එසේ කඩා වැදුණු පිරිස විසින්ම නිවාස දෙකක් සහ ඇදුම් මැසිමේ ව්‍යාපාරික ස්ථානයක තිබු උපකරණ වලට අලාභ හානි වී ඇති බව පොලිසිය පවසයි.

දෙපිරිස අතර දැනට මාස කිපයක සිට ගැටුම්කාරි තත්වයක් හට ගෙන තිබිණි. මේ පිළිබදව නොරෝච්චෝල පොලිසියට අවස්ථා ගණනාවක දී පැමිණිලි කළද කිසිදු විභාගයක් සිදු නොවු බවත් මෙම දේපොළ හානි වලට නොරෝච්චෝලේ පොලිසිය සම්පුර්ණයෙන් වගකිව යුතු බව දේපොල හානිවූ එකම පවුලේ පිරිස් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.