(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටියේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් පිරිසක් ජනතාව සමඟ අද (16) සාමකාමී විරෝධතාවයක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණී.
පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාට හිමිනමක් ඇතුළු පිරිසක් විසින් එල්ල කරනු ලබන චෝදනා පදනම් විරහිත බව පවසමින් මෙම සාමකාමී විරෝධතාවය පැවැත්විණි.
මෙම විරෝධතාවයට කල්පිටිය අර්ධද්විපයේ විහාරස්ථාන දෙකක හිමිවරු, හින්දු කුරුක්කල්වරු, ඉස්ලාමිය මවුලවිවරු හා ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
විරෝධතාවය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවති අතර එය පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර ඒ සදහා එක්වු පිරිස බැනර් කටවුට් යොදා ගනිමින් අදාල විරෝධතාවය සංවිධානය කෙරිණි.