කල්පිටිය කලපුව වනසන තහනම් දැල් අල්ලයි


 

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
පරිසර පද්ධතියට හානිකරන අයුරින් කල්පිටි කලපුවේ සවි කර තිබූ රුපියල් ලක්ෂ 13 ක් පමණ වටිනා යකඩ කූඩූ දැල් කට්ටල 205 ක් අද (20) සැන්දෑවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලය මගින් සිය බාරයට ගෙන ඇත.
 
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා පැවසුවේ 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත අනුව මෙම දැල් භාවිතය සපුරා තහනම් බව සහ මෙම දැල් මගින් කලපුවේ පතුලට හානිකරමින් එහි ස්වභාවික ආහාර ජාල විනාශ කරන බව ය.
 
දැල් තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.