(රොමේෂ් මධුෂංඛ)
උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යාසාධක නිලධාරීන් හා සංගානෙයි ආහාර පාලන නිලධාරීන් විසින් යාපනය සංගානෙයි ප්‍රදේශයේ එළවළු හා ඖෂධ ස්ථාන හදිසි සෝදිසි පරික්ෂාවකට ලක්කිරීමේදී අපිරිසිදු ආහාර මෙන්ම කල් ඉකුත්වූ ඖෂධ හා එළවළු විකිණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නඩු දැමීමට පියවර ගෙන ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ලැබුණු පැමිණිලි වලට අනුව ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර ඇත. එහිදී සංගානෙයි ප්‍රදේශයේ පිහිටි හෝටල්, ෆාමසි හා එළවළු , පලතුරු වෙළඳසැල් පරික්ෂා කිරීමට පියවර ගෙන තිබිණි.
එහිදී භාවිතයට නුසුදුසු ඖෂධ හා ආහාර, එළවළු විකුණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නීතිමය පියවර ගත් අතරම තවත් අවදානම් සහිතව ව්‍යාපාර සිදුකළ ව්‍යාපාරිකයින් රැසකටද පළමුව අනතුරු අඟවා අදාළ ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් දීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.