(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
කිසියම් ආබාධයකට ලක්ව කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ඉඩමක ප්‍රතිකාර ලබමින් සිටි අලි පැටවා 29 දින සවස මියගිය බව එම වනජීවී නිලධාරීහු පවසති.
වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගියදා කරුවලගස්වැව වනජීවී කාර්යාලය පරිශ්‍රයටද රැගෙන ආයේය.
අලි පැටවාව සුවපත් කර ගැනීම සඳහා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාගේද උපරිම සහයෝගය ඇතිව වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු දැඩි උත්සහයක නිරතවුවත් දැඩි අසාධ්‍ය තත්වය හේතුවෙන් මෙසේ අලිපැටවා මියගොස් ඇත.
මිය ගිය අලි පැටවා පිළිබඳව පශ්චාත් පශු වෛද්‍ය පරීක්ෂණයක් 30 දින පැවැත්වීමට නියමිතය.
අලි පැටවා ප්‍රතිකාර ගනිමින් සිටියදී....