(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්යය මණ්ඩලය අද (10) පෙරවරු 8 .00 සිට පවත්වන පැය 4 ක සංකේත වැඩ වර්ජනයට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය එක්ව සිටියහ.
මෙම වැඩ වර්ජනය සමස්ත ලංකා සුවසේවා සංගමය විසින් සංවිධානය කර ඇත.
වැඩවර්ජනය අතරතුරදි රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබිණි.
විධිමත් උසස්වීම් ක්‍රමයක් සහ ස්ථාන මාරු ක්‍රමයක් ඇති කිරීම, දින 180 සේවා කාලය සම්පුර්ණ කර ඇති ඌන සුදුසුකම් ඇති සියලු සේවකයන් ස්ථිර කිරීම, නිදිවර්ජිත දීමනාව වැඩි කිරීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ දැමීම ආදී ඉල්ලීම් 10ක් හේතුවෙන් මෙම වර්ජනය පවත්වන බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සංවිධායක සමන් ලලන්ත මහතා පැවසීය.
කරාපිටිය රෝහල් කනිෂ්ඨ සේවකයෝ සංකේත වර්ජනයක
Recommended Articles