(එම් .සුසිල් ප්‍රියන්ත)
කොරෝනා දෙවැනි රැල්ලත් සමගම මෙතෙක් වසා දැමුණු කරන්දෙණියේ සති පොළ හෙට (11)සිට පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කිරීමට කරන්දෙණිය ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණී අමරවංශ මහතාගේ අදහසකට අනුව එම ප්‍රාදේශීය සභාවේ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකගතාවයෙන් මේ සති පොළවල් විවෘත කෙරේ.
ඒ අනුව සිය ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන සති පොළ දෙකක් වන ඌරගස්මංහන්දිය සිකුරාදා සති පොළ හා මහඒදණ්ඩ සදුදා සති පොළ මෙසේ විවෘත කෙරෙන කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ මහතා කීවේය.
මෙය ක්‍රියාවට නංවමින් හෙට (11) සිට ඌරගස්මංහන්දිය සති පොළ විවෘත කෙරෙන බවත් ලබන සදුදා (14) සිට
මහඒදණ්ඩ සති පොළත් පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කෙරෙන බවත් අමරවංශ මහතා කීවේය.