(බී.ජී. අමරසිංහ)
කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරු දෙනෙකු හා එක් මන්ත‍්‍රීවරියක් අද (12) සිය මන්ත්රීධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ප‍්‍රාදේශීය සභාවේ සභාපති වරයාට බාරදෙන ලදි.
එසේ ඉල්ලා අස්වූයේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සමන්ත කුමාර , ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රී ලලිත් පෙරේරා හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රී තමරා කුමාරි යන තිදෙනාය.
සිය මන්ත්රීධූරවලින් ඉල්ලා අස්වෙමින් ඔවුන් පවසා සිටියේ පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට අනුව හා නව මැතිවරණ ක‍්‍රමය අනුව ඉල්ලා අස්වන බවයි.
කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ මුණුගොඩ මහතා මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි බාරගෙන ඇත.
මන්ත‍්‍රීධූර 20ක් සහිත කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ ඒ අනුව මන්ත‍්‍රීධූර 03ක් පුරප්පාඩුවී ඇත.

