කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි


 

 

(එම්.සුසිල් ප්‍රියන්ත)    

පාලක පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රී සමීර ආරියවංශ මහතා  තමන් ඉදිරිපත් කළ යෝජනා තුනක් මෙවර සභා රැස්වීමට නොගත්තැයි කියමින් විරෝධාතාව දැක්වීමත් සමඟ අද (13) පැවති කරන්දෙණිය ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් විය.

පාලක පොදුජන පෙරමුණේම  මන්ත්‍රීවරුන් වන දුෂාන් ප්‍රසන්න, අජිත් කුමාර යන මන්ත්‍රීවරුන් ද සමීර ආරියරත්න මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීමත් සමඟම  මාසික සභා රැස්වීමේ දැඩි නොසන්සුන්තාවයක් හටගත්තේය.

මේ සමඟම සභාපති ගාමිණී අමරවංශ මහතාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමීර ආරියරත්න,දුෂාන් ප්‍රසන්න හා අජිත් කුමාර යන මහත්වරුන් අතර  දැඩි උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

පසුව මාසික සභා රැස්වීම විනාඩි 5 කට කල් දමා සභා ගැබෙන් සභාපති ගාමිණී අමරවංශ මහතා ඉවත්වී ගියේය.

යළි සභා රැස්වීම ආරම්භ කෙරුණු අතර සමීර ආරයරත්න, දුෂාන් ප්‍රසන්න හා අජිත් කුමාර යන මන්ත්‍රීවරුන් තිදෙනා සභා ගැබෙන් ඉවත්ව ගොස් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතා ව්‍යාපාරයක ද නිරතවූහ.