(ඩී.කේ.රත්න)
ඇල්ල වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි මායිමේ පිහිටි කරදගොල්ල රක්ඛිත්තා කන්ද ආරණ්‍ය සේනාසන රක්ෂිතයේ අද (28) සවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතයි ඇල්ල පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය කියයි.
මෙම ගින්න ඇතිවීමත් සමඟ ඇල්ල පොලිසිය , වැල්ලවාය පොලිසිය , යුද හමුදාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් ගින්න නිවා දැමීමේ යෙදී සිටිති.
වැල්ලවාය පොලිසියේ හා ඇල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.