කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පිහි පහරක්


(සිරිනිහාල්  ගමගේ)

ගාල්ල ඩික්ෂන් හන්දිය අසල වෙළද සැලක් පවත්වාගෙන යන ව්‍යාපරිකයකුගෙන් කප්පම් ඉල්ලා සිටි අයෙකුට ව්‍යාපාරිකයා විසින් පිහියකින් පහරදීම නිසා කප්පම්කරු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 26 හැවිරිදි කප්පම්කරු තම වෙළද සැලට පැමිණ රුපියල් දෙදහසක කප්පමක් ඉල්ලා කරදර කළ බවත් ඒ අවස්ථාවේදී පිහියකින් පහරදුන් බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.