කන්ටේනර් රියක් පාරෙන් ඉවතට පැනීමෙන් දෙදෙනෙකු මරුට


(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඳාන මීගමුව - කොළඹ මාර්ගයේ වැලිගම්පිටිය හන්දිය අසලදී මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල නවතා තිබූ ලොරියකද ගැටී නිවසකට කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බව කඳාන පොලිසිය කියයි.

මියගිය අය අතර කන්ටේනර් රථයේ සහායකයාද වෙයි.

කන්ටේනර් රථයේ රියදුරුද බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. කන්ටේනර් රථය තුළ සිරවී සිටි රිය සහයක රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.