කන්ටේනරය පෙරැලී දෙදෙනෙක් රෝහලේ


 

(රංජිත් රාජපක්‍ෂ )

නුවරඑළියේ සිට රුවන්වැල්ල  දක්වා ධාවනය වු කන්ටේනරයක්  රදැල්ල කෙටි මාර්ගයේදි  පෙරැලීමෙන් රියදුරා සහ රියසහයකය බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුළු කර තිබේ.

හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමසෙට් වතුයාය ප‍්‍රදේශයේ මෙම අනතුර සිදු වී ඇත.

අධික බැවුමක් සහිත මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ තිරිංග කි‍්‍රයාවිරහිත විම නිසා ඉදිරියට ඇදිගිය කන්ටේනරය නතර කර ගැනිමට රියදුරාට නොහැකිවීමෙන්  එය  කන්දක ගැටිමට සැලැස්විම නිසා මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදු වී ඇති ස්ථානයේ මාර්ගයේ වාහන ගමනා ගමනය එක් මං තීරුවකට පමණක් සීමා කර ඇති අතර රෝහලග් ගත කර සිටින රියදුරු සහ සහායක සුව වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමටද නියමිත බව පොලීසිය සඳහන් කළේය.