කථානායකවරයාගේ හැසිරීමට එරෙහිව මාතලේත් විරෝධතාවක්


                            
රවින්ද්‍ර විරාජ් අබයසිරි                     

            
කථානායකවරයාගේ හැසිරීමට එරෙහිව  හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ  නගරයේදී අද( 23) දින විරෝධතාවක් පැවැත්විණි.                              

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ද ජනතාව ද සහභාගී වූහ.                                             

මාතලේ ඔරලෝසු කණුව අසළට පෙළපාලියෙන් පැමිණි විරෝධතාකරුවෝ යළි මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ජනතා පෙත්සමකට ද අත්සන් ලබාගත්හ.