කතානියා ධර්ම දේශනාව සැප්තැම්බර් 4


ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරන සත් සති වන්දනාව ධර්ම දේශනාව සැප්තැම්බර් 4 වැනිදා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති කයිකාවල පුරාණ විහාරවාසී දමුණුපොල සුමණසිරි හිමියෝ දේශනාව පවත්වති.

විහාරාධිපති  වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරස්ථාන දායක සභාව මෙය සංවිධානය කරයි.