රැකියා පෝලිම් වල සිටින තරුණ තරුණියන් වෙනුවට සේවා යෝජකයා දෙපාමුලට ගොස් රැකියාවක් පිරිනමන තරුණ තරුණියන් පිරිසක් බිහිකිරීම සඳහා තාක්ෂණ අධ්‍යාපනය සිසු දරුවන්ට ලබා දීම ජාතික අවශ්‍යතාවක් බව කථානායක කරු ජයසුරිය වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය නව තාක්ෂණ විද්‍යාපීඨය විවෘත කරමින් පැවසීය.
එතුලින් අතිශය සීමිත රජයේ රැකියා අවස්ථාවන් වෙනුවෙන් බලා සිටිනු වෙනුවට පුද්ගලික අංශයේ ගෞරවණීය රුකියා අවස්ථා රැසක් විවරවනු ඇති බවත් කථානායකවරයා කීවේය.
උත්සවයට පැමිණි කථානායක ශාලාව වෙත කැදවාගෙන යනු ලැබූවේ 13 ශ්‍රේණියේ හරිනි වික්‍රමසිංහ සිසුවිය විසින් තැනූ සූර්යබලයෙන් ක්‍රියාකරන මොටර් රථයෙනී.