සුමතිපාල දීයගහගේ
අහංගම කතලුව ප්‍රින්ස් ගුණසේකර මාවතේ පිහිටි නිවසකට කඩා වැදුණු අවිගත් කොල්ලාකරුවන් පස් දෙනෙකු නිවැසියන් බැද දමා රුපියල් හය ලක්ෂ තිස් නව දහසක් වටිනා දේපොල කොල්ලාකා පලා ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම නිවසේ අයිතිකරු මුදල් පොලියට දෙන පුද්ගලයෙකි. ඊයේ රාත්‍රී මෙම පුද්ගලයා නිවසින් පිටත ගොස් සිටි අවස්ථාවේ නිවසට ඇතුළු වූ අවිගත් පස් දෙනෙකු නිවස අයිතිකරුගේ බිරිඳගේ සහ දරුවන් දෙදෙනාගේ අත්පා බැද දමා ගිනිඅවි පෙන්නා මරණ බවට තර්ජනය කර එහි තිබූ පෙන්ඩනයක් සහිත මාලයක් ඇතුළු තවත් රන් අබරණ සමඟ මුදල් ද කොල්ලා කා පලා ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.