කතරගම වැටලීමකින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)

රුහුණු කතරගම ඇසල මහා පෙරහරට සමගාමීව කතරගම අවට ප්‍රදේශවල අද (9) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ගෝතමීගම, නාගහවිදි හා පුංචිදඹේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35, 40 හා 53 වයස්වල පසු වන සැකකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් මෙම ගිනි අවි නිවෙස්වල සඟවා තිබියදී සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දඩයමේ යාම සඳහා මෙම ගිනිඅවි තමන් සන්තකයේ තබාගෙන සිටි බවයි.

සැකකරුවන් කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.