කතරගම වල්ලි විහාරස්ථානයේ පුරාවස්තු කැණිම් කරමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට




( කේ ඩි දේවපි‍්‍රය )

කතරගම ශ‍්‍රි  වල්ලි විහාරස්ථානයේ පුරා වස්තු කැණිම් කරමින් සිටි පුද්ගලයින්දෙ සිව් දෙනකු අද සවස (17)   වීශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගන්නා ලදී.

විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ දී මෙම පුද්ගලයින් විසින් වල්ලි ගල්ලෙන හරමින් සිටියහ.

වල්ලි දෙවඟන උපත ලැබු බවට ජනප‍්‍රවාදයක් ඇති මෙම ස්ථානය මිට පෙරද මෙහි වැඩ වසන හිමිනමක් විසින් හරමින් සිටිය දී පුරා විද්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් වැටලීමක් කර මෙම ස්ථානය තුල කැණිම් නොකරන ලෙස වැඩ වසන හිමයන්ට අවවාද කරනු ලැබීය.

මෙම සමග අල්ලා ගත් පිරිස කතරගම පොලිසියට යෙමු කරන ලද අතර මෙම පුද්ගලයන් සමග පුජා වන් තැබීමට ගත් ද්‍රව්‍ය ද විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගන්නා ලදි.

මෙම වැටලීම් සිදු කරනු ලැබුවේ කතරගම විශේෂ කාර්ය බළකායේ  පොලිස් පරික්‍ෂක සී .ආර් . පරමුල්ල මහතා ප‍්‍රමුඛ පොලිස් නිළධාරිනි විසිනි