කඩුවෙල නගරසභාවේ සේප්පුව කැඩූ සොරා අසුවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

 
කඩුවෙල නගරසභාවේ වල්ගම උප කාර්යාලයේ සේප්පුවෙන් රුපියල් 480,000 මුදලක් සොරාගත් පුද්ගල කණ්ඩායමේ ප්‍රධාන සැකකරු අද(03) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
සැකකරු කඩුවෙල පදිංචි 32 හැවිරිදි කසළ ට්‍රැක්ටර් රථ පදවන්නෙකු බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
 
සොරාගත් මුදලින් රුපියල් 9,000ක් හා එම මුදල් වියදම් කළ බව සනාථ වන බිල්පත් කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
පසුගිය 28 වැනිදා එහි මුදල් අයකැමිවරිය  සේප්පුව විවෘත කර පරීක්ෂා කිරීමේදී මුදල සොරාගෙන ඇති බව දැක ඒ බව පොලිසියට දන්වා ඇත.
 
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පුද්ගලයන් සිව්දෙනෙකු මෙයට සහභාගී වී ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කීය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.