කඩුවක්- බදින තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මීගහතැන්න ලිහිණියාව කුමාර කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් වැටලීමේ දී කඩුවක් සහ බදින තුවක්කුවක් රැගෙන නිවසේ පිටුපස දොරින් පලා යාමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි .
 
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ රක්ෂිත වල ගැවසෙන සතුන් බදින තුවක්කු අටවා දඩයම් කිරීමේ කටයුතු වල කාලයක සිට යෙදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත .
  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් වන අතර මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .