(චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28) දෙවැනි වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය.
අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය අයවැයට පක්ෂ වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව බවත් පවසා සිටියේය.
පසුගිය අයවැය වාරයේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සිසිර අබේවික්‍රම මහතා ද මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2 වැනි වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත විය.