කටුවැව වැඩබීමේ චීන ඉංජිනේරුවෙකුට පහරදීලා


(ඩී. ජී. සුගතපාල)

                                           
මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුවැව වැඩබිමේ චීන ජාතික ඉංජිනේරුවරයකුට මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් පහරදී ඇතැයි පොලිසිය පවසයි. 

තුවාල ලත් චීන ජාතිකයා  හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.     

ඔහු ඊයේ (15)සවස වාහනයෙන් යමින් සිටියදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු පාර හරස්කර වාහනය නවතා ඔහු ඉන් පිටතට රැගෙන පහර දී ඇතැයි පොලිසිය පවසයි.

වැඩබිමේදී  එම ඉංජිනේරුවරයා සේවකයින්ට අවවාද කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි. 

හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.