කටුපොල් වගා තහනම ක්‍රියාත්මක කරන්නැයි උද්⁣ඝෝෂණයක්


 

 (එම්.සුසිල් ප්‍රියන්ත)


ජනපති නියෝග කළ කටු පොල් වගා තහනම වහාම ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා අද (29 ) ඇල්පිටිය තල්ගස්වල නගර මධ්‍යයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය  රාජාසන කතාවේදී කටු පොල් වගාව තහනම් කරන ලෙස කීවද ඇල්පිටිය ප්‍රදේශයේ වතු හාම්පුතුන් එය තඹයකටවත් මායිම් නොකර කටු පොල් පැල සිටුවන බවද උද්ඝෝෂකයෝ කියති.

එබැවින් කටු පොල් වගා තහනම කථාවට පමණක් සීමා නොකොට එය ක්‍රියාවට නැංවීමේ අරමුණින් තමන් මේ උද්ඝෝෂණය කරන බවද ඔවුහු කියති.
     

මේ වනවිටත් බොහෝ වතු හාම්පුතුන් වතුවල කටු පොල් පැල සිටුවීමේ ක්‍රියාවලියේ යොමුවී සිටින බවද උද්ඝෝෂකයෝ කියති.

ජනපති නියමයෙන් තහනම් කරන ලද කටු පොල් තහනම වහාම ක්‍රියාත්මක කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියති.   

සොබා පරිසර සංසදය සංවිධානය කොට පැවති මේ උද්ඝෝෂණයට එම සංසදයේ සභාපති කීර්ති පේලිතන්ත්‍රි,ලේකම් ඉන්දික තුෂාර,පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ ,කැදවුම්කරු චමිල නිශාන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.