කටුපත මහවැවත් වාන් දමයි



(ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විශාලතම වැව වූ කටුපත මහවැව පසුගිය දිනවල ඇදහැලූනු ධාරානිපාත වැසි හේතුවෙන් වාන්දමමින් පවති.

අක්කර 935ක වපසරියකින් යුත් මෙම වැවේ ජලසම්පතින් කුඹුරු අක්කර 2000ට ආසන්න ප‍්‍රමාණයක් පෝෂණයවන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ 65 දෙනෙක් තම ජීවිකාව සිදුකරගනිමින් සිටිති.

නොකඩවා වාන් දැමීම සිදු වුවහොත් ක‍්‍රමවත් වාරිමාර්ග සැලැස්මක් නොතිබීම හේතුවෙන් පහත්බිම් කීපයක පිහිටි කුඹරු අක්කර 100ට අධික පුමාණයක් ජලයෙන් යටවීමෙන් එම වගාවන් විනාශවන බව ගොවීහු පවසති.