කටුනායක ගුවන්තොටට නව බස් රථ සේවාවක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කටුනායක ගුවන් තොටුපළේ පිවිසුම් පර්යන්තයේ සිට පිටවීමේ පර්යන්තය දක්වා නව බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත.

ගමන් කරන මගීන්ගේ පහසුව සැලසීම සඳහා මෙම නව බස් සේවය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
 
පෙරේදා (29) කටුනායක ගුවන් තොටුපලේ නීරීක්ෂණ චාරිකාවක යෙදුණු ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙම බස් සේවාව ආරම්භ කිරීමට උපදෙස් දුන්නේය. ඒ අනුව බස් සේවාව ආරම්භ කිරීමට ගුවන් තොටුපළ බලධාරීහු පියවර ගත්හ.