හිරාන් ප්‍රියංකර ජයසිංහ
මහකුඹුක්කඩවල පෙත්තිගම ප්‍රදේශයේ ඉඩමක කජු ඇහිලිමට ගිය සිව් දරු පියකු වන අලි පහර දිමෙන් මරණයට පත් වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්වි ඇත්තේ පෙත්තිගම පදිංචි ආර්.එම් .හේරත් අත්තනායක නැමති ( 42 ) හැවිරිදි සිව් දරු පියකු බව කියයි.
එම පුද්ගලයා නිවසේ සිට කිලෝ මිටරයකට ආසන්න දුරකින් පිහිටි පුද්ගලික ඉඩමක කජු ඇහිලිමට ඊයේ 25 සවස ගොස් ඇති බව කියයි.
නමුත් 26 දින උදෑසන වන විටත් නිවසට පැමින නොමැති විමෙන් ගැමියන් විසින් අදාල ඉඩම පිරමින් මොහු සොයා ඇති බවත් 26 දින සවස මෙම පුද්ගලයා වන අලි පහර දිමේන් කැලැව තුලම මරණයට පත්වි සිටියදි ගැමියන් සොයා ගෙන තිබුනී.
එම ඉඩමේ විවිධ පුද්ගලයින් කජු ඇහිලිම සිදුකරන බවත් වන අලි කරදරය නිසාම හිමිකරුවන් මෙම ඉඩම අතහැර ඇති බවද කියයි.
කැලැවෙන් වැසි තිබු මෙම ඉඩම නිරන්තරයෙන් වන අලි ගැවසෙන ප්‍රදේශයක් බවද කියයි.මෙම පුද්ගලයා කජු අහුලමින් සිටියදි වන අලි පහර දිම සිදුව ඇති බවට මුලික පරික්ෂණ වලදි සනාථ වන බව ආණමඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිළධාරින් පවසයි.
කජු අහුලන්න ගිය සිව් දරු පියා වන අලි පහර දීමෙන් මරුට
Recommended Articles