රොමේෂ් මධුෂංඛ
වව්නියාව,ඉරට්ටපෙරියකුලම, ඖෂධපිටිය රක්ෂිත සීමාවේ ඇති වු ගින්නකින් ප්‍රදේශයේ අක්කර 200 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බවට ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් ඇති වූ ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී රක්ෂිතය ගිනිගත් බවට පොලීසිය කියයි.
හේන් ගොවිතැන් කිරීමට කැළැ එළිකරන පිරිස් විසින් සිදුකරන ගිනි තැබීම් හේතුවෙන් ප්‍රදේශයේ රක්ෂිත සීමාවන් ගිනි ගැනීම සිදුවන බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ගින්න පිළිබඳ වාර්තා වූ අවස්ථාවේදී ඉරට්ටපෙරියකුලම පොලීසිය අදාළ ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගත් අතර පොලීසිය විසින් එම අවස්ථාවේදීම හා වවුනියාව නගර සභා ගිනි නිවන ඒකකයට දැනුම් දී ගිනි නිවන රථ මගින් මහත් පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.