(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ඒත්තාල කළපු තීරයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 15 දෙනෙකු,ඔවුන් භාවිතා කළ දැල් ආම්පන්න ද සමඟ අද (19 ) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී තල්ලු දැල් හතක් සහ සංගිලි දැල් අටක්ද සොයාගෙන තිබේ.
සැකකරුවන් ඒත්තාල නොරොච්චෝල පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 40-50 අතර වේ.
මෙම අත් අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ, මෙම දැල් හාවිතයෙන් කළපු පරිසර පද්ධතියටත්, විශේෂයෙන් කළපු මත්ස්‍ය ප්‍රජාවටත් හානි පැමිණෙන බවය.
මේ නිසා 1996 අංක දෙක දරණ ධීවර පනතට අනුව, තන්ගුස් සහ සංගිලි දැල් හාවිතය සපුරා තහනම් බවය.
මෙම වැටලීම සදහා කල්පිට්ය විජය නාවුක හමුදා සහාය ද ලැබී තිබිණි.