පද්මා කුමාරී කංකානම්ගේ
කල්පිටිය - පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුද සමඟ කල්පිටිය පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ කිරි එළුදෙනුන් සිව් දෙනෙකු ඇතුලු එළුවන් 14 දෙනෙකු ලොරි රථයේ ශීතකරන කොටස තුළ පටවා තිබූ බව පොලිසිය කියයි.
මෙම එළුවන් කල්පිටිය ප්‍රදේශයෙන් සොරා ගත් එළුවන් බවත් එම එළුවන් එකිනෙකා වෙන වෙනම විවිධ ස්ථාන වල ගාල්කර තබා පසුව මෙම ලොරි රථයෙන් ප්‍රවාහනය කරන බවට සැක කරන බව කල්පිටිය පොලිසිය කියයි.
රියදුරු පුත්තලම රත්මල් යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් කල්පිටිය පොලිසිය පවසයි.