(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි )
එළුවන් 39 දෙනෙකු රැගෙන පොලිස් අණ නොතකා මන්නාරම සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස රථවාහන අංශ නිලධාරීහු පිරිසක් සමත් වූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ පුත්තලම තිල්අඩිය රත්මල්ගස්වැව පදිංචිකරුවෝ දෙදෙනෙකි.
වෑන් රථයේ වීදුරු අඳුරු කර ඉදිරි ආසන දෙක හැර පසුපස අනෙක් ආසන සියල්ල ඉවත් කර එළුවන් රැගෙන යාමට හැකි ලෙස සකසා තිබූ බවත් සැකකරුවන් මෙම ජාවාරම කලක පටන් සිදුකර ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා කරුවලගස්වැව පොලිසියට භාර දී තිබුණි.