එළවළු ලොරිය පෙරැළී 5ක් රෝහලේ



(නිමල් ජයරත්න)
 
දඹුල්ලේ සිට වාලච්චේන දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අද(05)  මනම්පිටිය ආච්චිබෝක්කුව අසළදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
 
රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ලොරි රථය ඉවතට පැනීම නිසා අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
 
තුවාල ලැබූ පිරිස  වාලච්චේන සහ එරාවුර් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.