එළදෙනුන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට



 
ක.ග කරුණාරත්න
 
අරලගංවිල, නිදන්වල ප්‍රදේශයේ සිට පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයට මස් පිණිස කුඩා ලොරියකින් රැගෙන යමින් සිටි එළදෙනුන් 5 දෙනෙකු සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (19) නවම් පුන් පොහෝදා සවස අරලගංවිල නගරයට ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

සැකකරුවන් පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.

ලොරිය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරන අවස්ථාවේ එක් එළදෙනක් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

මේ එළදෙනුන් 5 දෙනා මස් පිණිස රැගෙන යමින් සිටි බව සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අරලගංවිල පොලිසිය වැටලීම සිදු කර සැකකරුවන් සමඟ එළදෙනුන් සහිත ලොරිය අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.