- හැටන් - දික්ඔය ගැලැන්කන් සිට හැටන් දක්වා ගමන් කළ ත්‍රිරෝද රියක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ වනරාජා ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරැළි කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. රංජිත් රාජපක්ෂ
- නයිනමඩම - බෝලවත්ත ගිංඔය අසබඩ කැලෑවේ කසිප්පු ස්කාගාරයක් වටලා පෙරුම් උපකරණ සමග පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.- චන්දන ප්‍රනාන්දු
- මඩුකන්ද - වවුනියාව ,සෙට්ටිකුලමේ හා ආසිකුලමේ දහවලේ නිවාස වලට පැන භාණ්ඩ හා මුදල් සොරකම් කළ බව කියන අයියා මලෝ දෙදෙනෙක් වවුනියාව පොලිස් කොට්ඨාශ නොවිසිදුණු අපරාධ විමර්ශන ඒකකය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. සිතුම් චතුරංග
- හාරිස්පත්තුව- මහනුවර මහයියාවේ වීදුරු අළෙවි සලක සේවය කළ 28 හැවිරිදි තරුණයෙකුගේ ගෙළ ප‍්‍රදේශයේ වීදුරුවක් වැදී ගෙළ කැපී මරණයට පත් ව ඇතැයි මහනුවර පොලීසිය කියයි.මොහොමඩ් ආසික්