(දයාරත්න ඇඹෝගම)
එප්පාවල කොට්ඨාසයේ ගොවි සංවිධාන 36 ක ගොවි ගෙවිලියෝ පිරිසක් එප්පාවල නගරයේදී අද(13) උද්ඝෝෂණයක නිරත වූහ.
වී සඳහා රජය මගින් ලබා දී ඇති සහතික මිල නිෂ්පාදන පිරිවැයටවත් ප්‍රමාණවත් නොවන බව පවසා වී සඳහා රුපියල් 50 ක සහතික මිලක් ලබා දෙන ලෙස බල කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුනහ.
ගොවි ගෙවිලියෝ 1000කට ආසන්න පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.
විරෝධතාකරුවෝ තලාව - කැකිරාව ප්‍රධාන මාර්ගය එප්පාවලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
මේ හේතුවෙන් එප්පාවල නගරය හරහා ගමන් කළ වාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කරවීමට එප්පාවල පොලීසිය කටයුතු සැලැස්වීය.