එප්පාවල අඹ සැකසුම් කලාපය විවෘත වෙයි



 
 
(දයාරත්න ඇඹෝගම)
 

එප්පාවල අඹ සැකසුම් කලාපය වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත විය.


අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යය ධූරය හොබවන අවධියේ පලතුරු සැපයුම් හා අගය දාම කළමනාකරණ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් අනුරාධපුර එප්පාවල ප්‍රදේශය අඹ සැකසුම් කලාපයක් බවට පත්කර එම ප්‍රදේශයේ අඹ සැකසුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම අමාත්‍යංශයට අයත්, පශු අස්වනු තාක්ෂණ ආයතනය හරහා මේ අයුරින් ආරම්භ කළේය.


එම ප්‍රදේයේ සුදුස්සන් තෝරා ඔවුන් වෙත සෞඛ්‍ය ආරක්ෂිත අඹ ඉදවීමේ කුටීරයක්, පලතුරු ප්‍රවාහනය සඳහා කූඩ, පළතුරු තේරීම හා සේදීමේ කටයුතු සඳහා උපකරණ ආදී රුපියල් ලක්ෂ 5 ක් වටිනා භාණ්ඩ නොමිලේ ලබාදී, ඔවුන්ට ප්‍රමිතියෙන් යුතු පලතුරු වෙළඳපළට නිකුත් කිරීම පිළිබඳ පුහුණුවක්ද පශු අස්වනු තාක්ෂණ ආයතනය මගින් ලබා දී ඇත.


පලතුරු ප්‍රවාහනයේ දී සිදුවන තැලීම් මගින් සිදුවන පාඩූ මඟ හරවා, උසස් ප්‍රමිතියක් පළතුරු සඳහා ලබාදී එම පළතුරු වෙළඳපළට ඉහළ මිලකට අලෙවියත් මෙමගින් එම ප්‍රදේශ‍යේ ජනතාවට හැකියාව ලැබෙනු ඇත.
තවද එම පළතුරු සැකසුම් මධ්‍යස්ථානයන් මගින් නිසි ප්‍රමිතියට සකසන පලතුරු මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳසැල ද සම්බන්ධ කර දී වෙළඳපළ ද නිර්මාණය කර දී තිබීම හේතුවෙන් ගොවීන්ට එයද මහත් අස්වැසිල්ලක් වී තිබේ.


අඹ ප්‍රවාහනය කරන ලොරි රථවල එප්පාවල අඹ ලෙස සටහන් කරවීමද මෙහිදී සිදු කෙරුණු අතර, පශු අස්වනු තාක්ෂණ ආයතනයේ ප්‍රමිති සහතිකය සහිත එප්පාවල අඹ වෙළඳපලට නිකුත් කිරීමද එහිදී සිදු කෙරිණි.


මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලඥයින් පශු අස්වනු තාක්ෂණ ආයතනයේ සභාපති කාවින්ද ශ්‍රී දිසානායක මහතා ඇතුළු එම ආයතන නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.