එන්නතක් දීමෙන් පසු පිළිකා රෝගීන් දෙදෙනෙකු මියයාම ගැන විධිමත් පරීක්ෂණයක්


(චන්ද්‍රසේන ගමගේ)

එන්නතක් ලබාදීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේදී පිළිකා රෝගීන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඖෂධ  නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යංශය  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ නියෝගය  මත මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ  සරත් විජේකෝන් මහතා විසිනි.

හම්බන්තොට රෝහලේ රෝගීන් දෙදෙනෙකු  මිය යාම සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ නියෝග මත  විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග  ගනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.