(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රඥාව පහල වේවා යන අරමුණත් මහජන මතය අනුව පත්වුණු බහුතරය ඇති නායකයාට අගමැතිකම ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාට ප්‍රඥාව පහල වේවා යන අරමුණත් ඇතිව පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීම අද (27) පන්නිපිටිය දෙපානම ඓතිහාසික ගනේගොඩ දේවාලයේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු මහරගම නගර සභා මන්ත්‍රීවරුන් පාක්ෂිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



