ඌවේ හෙද ඇතුළු පරිපුරක වෛද්‍ය සේවයේ නිලධරයෝ වර්ජනයක




( ඩී.කේ.රත්න )


අතීකාල දීමනා නොගෙවීම සම්බන්ධයෙන් ඌව පළාතේ රෝහල්වල සේවයේ නියුතු හෙද නිළධාරීන් සහ පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් කීපයක නිලධරයෝ අද (16) දවස පුරා එක් දින වැඩවර්ජනයක නිරත වූහ.


ඌව පළාතේ රෝහල්වල සේවයේ නියුතු හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය සේවයට අයත් සේවා කීපයක නිලධාරීන් සඳහා අපේ‍්‍රල් මාසයට නියමිත අතීකාල දීමනාව මෙතෙක් ලබා නොදීම නිසා මෙම වැඩවර්ජනය ඌව පළාතේ රෝහල්වල ක‍්‍රියාත්මක කර තිබිණි.


මෙම වැඩවර්ජනය සඳහා හෙද නිලධාරීන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඖෂධවේදීන් විකිරණශිල්පීන් යන සේවාවල නිලධාරයෝ මෙයට එක්වුහ.