ඌවවත්ත කඳුවැටියේ ගින්නක්


(නිශාන්ත කුමාර) 
 
රිදීමාලියද්ද ඌව වත්ත කඳුවැටියේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
වන සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් ඊයේ(01) රාත්‍රියේ රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ද  රාත්‍රි කාලයේ  ආරම්භ වූ ගින්න අද (02) අලුයම වන විටත් පැතිර යමින් තිබූ බවද ඔවුහු කියති.
 
දික්යාය ඔයට දියවර සැපයෙන ජල පෝෂක රැසක් මෙන්ම  ඖෂධීය වටිනාකමින් යුත් ශාකද  මෙම රක්ෂිතයේ ඇතැයි ජනතාව කියාසිටිති.
 
මෙම කඳුවැටියට විවිධ පිරිස් ගිනි තබන අතර ඔවුන්ව අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට මේ වනතුරුත් වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමුවී නොමැතිබවද මේ හේතුවෙන් ගිනි තැබීම් දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව ද රක්ෂිතය අවට ගම්මානවල ප්‍රදේශවාසීහු පවසති.