ඌරුබොක්කේ යතුරුපැදි අනතුරින් හමුදා සෙබළෙක් මරුට


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
බුස්ස හමුදා කඳවුරට අයත් ලොරියකට අද (29) යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ආබාධිත හමුදා සෙබළකු යටවීමෙන් එම සෙබළා මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ ඌරුබොක්ක පදිංචිව සිටි චමින්ද සමරවික්‍රම නම් 32 හැවිරිදි සෙබළෙකි.
 
ගාල්ල දෙස සිට ලොරි රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවට යතුරුපැදියෙන් යමින් සිටි අබාධිත හමුදා සෙබලා ලොරි රථයේ වම් පසින් එයට ඉස්සර  කිරිමට යාමේ දී මෙම අනතුර සිදුවී තිබේ.