(රොහාන් සී.ප්‍රේමතිලක)
ලඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ උස්සාපිට ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 63.950ක වියදමින් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් අද (24) සිසු අයිතියට පත්කරන ලදී.
මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , අරණායක ආසන සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.