(සමන් පාලිත නානායක්කාර)
දින කිහිපයක් තිස්සේ පැවති ධාරානිපාත වර්ෂාව සමඟ උල්හිටිය රත්කිඳ මහවැලි මහා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 07ම අද (09) වැනිදා දහවල් සිට විවෘත කර ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පිටවානෙන් ගලායන ජලය උල්හිටිය ඔයට එකතු වන බැවින් අගලඔය ගිරාඳුරු කෝට්ටේ, හොබරියාව, උල්හිටිය, තෙල්දෙනියාය යන ගම්මානවල ඔය දෙපස පදිංචි වී සිටින අය දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසීය.
රත්කිඳ ගිරාඳුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයද ජලයෙන් යට වී ඇති බැවින් එම මාර්ගයේ ගමනා කටයුතු ඉතා අවදානම් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.