(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ රෝහල්වල පුරප්පාඩුව පවතින උපස්ථායක තනතුරු 63 ක් සඳහා පළාතේ පදිංචි අයදුම්කරුවන් 6000 දහසක පිරිසක් අයදුම් කර ඇති බව පළාත් රාජ්‍ය සේවා කොමිසම සදහන් කරයි.
මෙම උපස්ථායක තනතුරු සදහා බදවා ගැනිමේ තරග විභාගය මේ මස 15 වැනි දින උතුරු මැද පළාතේ පාසල් 37 ක දී පැවැත්විමට නියමිතය.
උපස්ථායක තනතුරු 63 සදහා ලැබුණූ අයදුම්පත් අතර අසම්පුර්ණව සකස්කර තිබු අයදුම්පත් ප්‍රමාණයක් ඉවත් කිරිමට සිදුවු බවත් අයදුම්පත් නිසි ලෙස ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් 5800 කට ආසන්න පිරිසකට විභාගයට පෙනි සිටිම සදහා අදාළ ප්‍රවේශ පත්‍ර තැපල්කර ඇති බවද මේ පිළිබඳව අප කළ විමසීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම්වරයා පැවසීය.