(කේ.බුද්ධික කුමාරසිරි)
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ උපකාරක පන්තියක් තුළදී සිසුවියන් අපයෝජනයට ලක් කළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා මව්පියවරු පිරිසක් අද (15) සවස ගොඩගම නගරයේදී විරෝධතාවයක නිරතවූහ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර ගුරුවරයා සිසුවියන් අට දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව විරෝධතාවයේ නිරත පිරිස් පවසති.
එසේම ඉදිරියේදී වෙනත් කිසිදු දරුවෙකුට මෙවන් සිද්ධීන් ඇති නොවීම සඳහා සැකකාර ගුරුවරයාට දිවයිනේ වෙනත් කිසිදු ප‍්‍රදේශයක උපකාරක පන්ති පැවැත්වීමට නොහැකි වන පරිදි අධිකරණ තීන්දුවක් ලබා දෙන ලෙස දෙමව්පියෝ ඉල්ලා සිටිති.