(රංජිත් රාජපක්‍ෂ)
නල්ලතන්නිය දෙමළ මහා විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනත් පාසලකට මාරුකරන ලෙස බලකරමින් මව්පියන් පිරිසක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ.
මෙම නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් විසින් පාසලේ දියුණුවට හා ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමිමට විදුහල්පතිවරයාට සහයෝග නොදක්වන බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවෙහි නියැලෙති.
මීට පෙර අවස්ථා කිහිපයකදීම හැටන් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාට දැනුම් දුන්නද එයට විසදුමක් නොලද නිසා තමන් මෙම විරෝධතාවයේ නියැලෙන බවද ඔවුන් සඳහන් කරයි.