රොමේෂ් මධුෂංඛ
ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයට සමගාමීව උතුරු පළාතේ ජනතාව විවිධ ගැටලු හේතුවෙන් සියදිවි හානිකර ගැනීම් දිනෙන් දින වැඩි වීමේ අවදානමක් පවතින හෙයින් එය මැඩපැවත්වීමට සියලු දෙනා එක්වන්නැයි ඉල්ලමින් අද (11) වව්නියාවේ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් පැවත්විණි.
මානසික සෞඛ්‍ය සමාජය හා සාමාජීය සංසදය මගින් මෙම පාගමන සංවිධානය කර තිබූ අතර පාගමන වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයෙන් ආරම්භ වී වව්නියාව නගරය පුරා ගමන් කරනු ලැබීය.
පාගමන සඳහා මානසික වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද හෙද හෙදියන්, පාසල් දරු දැරියන් , සාමාන්‍ය වැසියන් ද සහභාගී වී සිටියහ.
උතුරු පළාතේ මේ වන විට මත් උවදුර හිස ඔසවා ඇති බවටත් මත් උවදුර ඇතුළු විවිධ හේතූන් නිසා සියදිවි හානි කරගැනීමේ ප්‍රවණතාවයන් වැඩිවීම හැරෙන්නට කිසිදු අඩුවක් දක්නට නොමැති බවට විරෝධතාකරුවෝ පවසති.