(එෆ්.අස්ලම්)
උතුරු පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර තිබේ.
ඒ අනුව පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන් සිය ආයතන පිහිටි ස්ථාන හා ඉඩකඩම් තොරතුරු පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දිය යුතු බවත් ලබන මාර්තු 4 වැනිදාට පෙර මෙකී ආයතන පිළිබඳ සියළු තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම නගරවල ප්‍රදර්ශනය කරන විශාල බැනර් සහ දැන්වීම්වල ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අංකයද සදහන් කළ යුතු බවත් මෙය ඉදිරි දෙසතියක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.
මෙකී නියෝගය නොතකන ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙසට ආණ්ඩුකාරවරයා අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් දී ඇත.
මේ පිළිබඳ තොරතුරු උතුරු පළාත් සභාවේ www.np.gov.lk වෙබ් අඩෙවියෙන් හෝ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ 0212231343 නැමති අංකය අමතමින් දැනගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සඳහන් කර සිටියි.