සිතුම් චතුරංග
කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයට බලපෑ ජලගැලීම් තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්කයන් හි කුඹුරු අක්කර 121420.5 විනාශ වී ගොස් ඇති බව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පවසයි.
එම දිස්ත‍්‍රික්කයේ ගොවීන් 2018 - 2019 මහ කන්නය සඳහා වගාකළ වී වගාවෙන් අඩකටත් වැඩි කොටසක් විනාශ වී ගොස් ඇත.
මුලතිව් දිස්ත‍්‍රික්කයේ වී වගාකළ කුඹුරු අක්කර 95311 සහ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ වී වගාකළ කුඹුරු අක්කර 26109.5 ජලගැලීමෙන් විනාශවී ගොස් තිබේ.
කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ එළවලූ වගාව හෙක්ටයාර 103.95 හා වෙනත් බෝග හෙක්ටයාර 239.59 ද සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.
දිස්ත‍්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ නියැලූණු ජනතාව සතුව සිටි එළුවන් , ගවයින් හා කුකුලන් 10000 අධික සංඛ්‍යාවක් ජලගැලීම් හේතුවෙන් මියගොස් ඇති බවද කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මුලතිව් හි එළවළු වගාකළ අක්කර 217 ප‍්‍රමාණයක් හා වෙනත් බෝග අක්කර 3458 විනාශ වී ගොස් ඇති බව මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව ජලගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත‍්‍රික්යේ සත්ව පාලනය කළ ගොවීන්ගේ කිරිගවයින්, කුකුළන් හා එළුවන් 4010 ක සංඛ්‍යාවක් මියගොස් ඇති අතර එම හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ කෘෂි නිෂ්පාදන සඳහා සත්ව නිෂ්පාදන ඇනහිට තිබේ.