රොමේෂ් මධුෂංඛ
යාපනය දිස්ත්‍රීක්කය ඇතුළු උතුරු පළාතේ සිදු කෙරෙන ගව ඝාතනයන් වහාම නවතන ලෙසට ඉල්ලා යාපනය මරදනා මඩම් ප්‍රදේශයේදී විරෝධතාවක් පැවත්විණි.
යාපනය සත්වවේදීන්ගේ සංගමය, කෝවිල් භාරකරුවන්ගේ සංගමය හා සායි සංගමය විසින් මරදනාමඩම් මන්සන්ධියේ දී සංවිධානය කර තිබූ අදාළ විරෝධතාවය සඳහා එම සංගම්හි සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවය පැවත්විණි.
විරෝධතාවයට එක්වූ පිරිස් කියා සිටියේ මීට පෙර මස් පිණිස පිරිමි ගවයින් පමණක් මරා දැමුණද මේ වන විට කිරි එළදෙනුන් පවා මරා දැමීමට ව්‍යාපාරිකයින් පෙළඹී ඇති හෙයින් ගව ඝාතනය වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.
එමෙන්ම ගවයා යනු ආගමක දේවත්වයෙන් සලකනු ලබන සත්වයෙක් හේතුවෙන් සත්ව හිංසනයට එරෙහි වෙමින් වහාම ගව ඝාතනය නැවත්විය යුතු බවට විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියහ.